දේශීය
උසස් පෙළ ගැන අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
මෙම කාලයේ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වීම ඔවුන් උසස් පෙළ හැදෑරීම සඳහා යොමුවීමේ ප්‍රවණතාව අඩුවීමට මෙන්ම එමඟින් විවිධ සමාජ ගැටලු නිර්මාණය වීමටද හේතු වී ඇති බව රජය පවසනවා.
ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
2023 වර්ෂයට අදාළව මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබෙනවා.