දේශීය

බෝක්කුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ

හැටන්, කොටගල රොසිටා නගරයේ බොක්කුවක් තුළ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) සොයාගත් බව දිඹුලපතන පොලීසිය පවසනවා.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් පොලීසියට කළ දැනුම් දීමෙන් පසු සිරුර සොයාගෙන තිබුණා.

පොලීසිය සැක පළ කරන්නේ, කොටගල නගරය හරහා ගමන් කළ පුද්ගලයෙකු අනාරක්ෂිත බොක්තුව තුළට වැටී මිය යන්නට ඇති බවටයි.

සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුලපතන පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button