දේශීය

ක්‍රීඩා පැමිණිලි විසඳන්න උසාවියක් – ජනපතිගේ විශේෂඥ කමිටුව

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පැමිණිලි හා ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ ජගත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් පහත යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තාවන්නේ.

සියලුම ක්‍රීඩා සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට බලතල සහිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීම,එම අධිකාරිය 11ක ගෙන් සමන්විත වීම, එහි නිල කාලය වසර 4ක් වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව එහි නිල බලයෙන් පත්වන්නන් හැර සෙසු සාමාජිකයන් පත් කිරීම යනාදිය එම යෝජනායි.

“එමෙන්ම එහි සභාපතිවරයාද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත් කිරීම, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල අවශ්‍යතාවන්ට අනුකූලවීම සඳහා ක්‍රීඩා සංගම් පවත්වාගෙන යෑමේ දේශපාලන බලපෑම් අවම කිරීම සහතික කරලීමට විධිවිධාන යෙදීම, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට අවශ්‍ය සංශෝධන හා වෙනස්කම් සිදුකිරීමට නීති සම්පාදනයට නව පනතක් ක්‍රියාත්මක කිරීම.”

මේ සඳහාවූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විධිමත් කෙටුම්පතක් සම්පාදනය කිරීම ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාවවී තිබෙන අතර එම වාර්තාව ඉකුත්දා ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button