දේශීය

37 වන එක්සත් ජාතින්ගේ කලාපීය ආහාර සමුළුව ශ්‍රී ලංකාවේදී

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

මෙම තීරණයට එළඹ ඇත්තේ බංග්ලාදේශයේ ඩකා නුවර පසුගියදා අවසන් වූ 36 වැනි එක්සත් ජාතින්ගේ ආසියානු ශාන්තිකර කලාපීය සමුළුවේදීයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී වුණා.

ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීමට සහ සැමට ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ලොව රටවල් 130ක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා අත්වැල් බැඳගෙන තිබෙනවා.

2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කලාපීය සමුළුව සඳගා රටවල් 40ක් පමණ සහභාගි වනු ඇතැයි අපෙක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

පසුගියදා අවසන් වූ 36 වන සමුළුවේදි බංග්ලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්දුල් රසාක් මහතා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදී බෝග හුවමාරුව,කෘෂි තාක්ෂණය හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා.

එසේම ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් කිව් ඩොන්ගිව් මහතා සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button