දේශීය

උපයන විට බද්දෙන් හොයපු කෝටි 36ක් අතුරුදන්

නව බදු ප්‍රතිසංස්තරණය යටතේ රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් ගන්නා අයගෙන් උපයන විට අය කරන බදු ලෙස පසුගිය ජනවාරි මස සිට මාර්තු 31 වැනිදා දක්වා රුපියල් කෝටි 694කට අධික මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා තිබෙනවා.

උපයන විට බදු අය කිරීම මගින් ජනවාරි 31 වන විට රුපියල් කෝටි 77.1ක් ද, පෙබරවාරි 28 වන විට රුපියල් කෝටි 557ක් හා මාර්තු 31 වන විට රුපියල් කෝටි 60.7ක ආදායමක් වාර්තා කර ඇති අතර එහි එකතුව රුපියල් කෝටි 694 ඉක්මවනවා.

ඒ අනුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ සම්පූර්ණ ආදායමෙන් රුපියල් කෝටි 36ක එහි දත්ත පද්ධතියෙහි සඳහන්ව නොමැති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මෙසේ උපයන විට බදු ගෙවූ පුද්ගලයින් සංඛ්‍යාව ද එම දෙපාර්තමෙන්තුව ප්‍රසිද්ධ කර නොමැති බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button