විදෙස්

සෞදි කාන්තාවන් 28,000 ක් දුම්රිය රියදුරු තනතුරට අයැදුම් කරයි

සෞදි අරාබියේ කාන්තා දුම්රිය රියදුරන් 30 දෙනෙකු බඳවා ගැනීම සඳහා ඇබෑර්තු පවතින දුම්රිය සමාගමක් සදහන් කරන්නේ අදාළ ඇබෑර්තු සඳහා තම සමාගමට අයදුම්පත් 28,000ක් ලැබී ඇති බවයි.

සමාගම පවසන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා කාන්තා රියදුරන් වසරක පුහුණුවකින් පසු මක්කම සහ මෙඩිනා යන ශුද්ධ නගර අතර ධාවනය කෙරෙන අධිවේගී දුම්රිය ධාවනය කිරීමට යොදවන බවයි.

ගතානුගතික මුස්ලිම් රාජධානියක් වන සෞදියේ, කාන්තාවන් සඳහා එවැනි රැකියාවක් සඳහා දැන්වීමක් ප්‍රචාරය වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දශක ගණනාවක් පුරා සෞදි අරාබිය ලොව පහළම කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතයන් පෙන්වනු ලබන රටවලින් එකකි.

නමුත් මෑත වසර කිහිපයක් තුළ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ රජය තෙල් මත යැපෙන ආර්ථිකය විවිධාංගීකරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස රැකියාවක නිරත වන කාන්තාවන් සංඛ්‍යාව වැඩි කිරීමට උත්සහ කරමින් සිටින බව පැවසෙනවා.

එය කාන්තාවන්ට රිය පැදවීම තහනම් වීමේ නීති අවසන් කිරීම සහ කාන්තාවන්ට නිදහසේ ගමන් කිරීමට ඉඩ දීම සඳහා පිරිමි භාරකාරත්ව නීති ලිහිල් කිරීම ඇතුළු සමාජ ප්‍රතිසංස්කරණ ගණනාවක් වෙත තල්ලු වෙමින් සිටින බව ද සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button