දේශීය
සාමාන්‍ය පෙළ පේපරේකට නිදහස් ලකුණු 2ක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයසුන්දර මහතා පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස ලකුණු දෙක පිරිනැමීමට තීරණය කළ බවයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට එල්ල වූ චෝදනා පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.