Uncategorized

මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට

මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී  මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙඳ වෙළඳියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසනවා.

මිරිසවැටිය රථගාලේ තමන්ට වෙළදාම් කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මිරිසවැටිය නව රථගාල ඉදරිපිට වෙළදුන් පිරිසක් පසුගිය (28)දින උද්ඝෝෂණයක නිරතවුණා.

 මිරිසවැටිය රථගාලේ අවුරැදු තිහක පමණ කාලයක සිට වෙළදාමේ නිරතව සිටි තමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙන් අගෝස්තු මාසේ 22 වැනිදින සිට  ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම වෙළදුන් මෙම උද්ඝෝෂණයේ නිරත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button