දේශීය

විමල් වීරවංශ අධිකරණයට භාර වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට එරෙහිව උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළ බව කියන චෝදනාවකට අදාළව වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශට එරෙහි වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (14) නියෝග කළා.

විමල් වීරවංශ අද (14) මෝසමක් මගින් අධිකරණයට භාරවූ හෙයින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

විමල් වීරවංශ ඇතුළු පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක නිරත වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන පුද්ගලයින් මෙම නඩුවේ විත්තිකරුවන් වන අතර නඩු විභාගය ලබන ජූනි මස 19 තෙක් කල් තැබූ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button