දේශීය

කිරිපිටි මිල වෙනස් වෙයිද?

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ කිරිපිටි අලෙවි වන අතර තවදුරටත් කිරිපිටි මිල අඩු කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අශෝක බණ්ඩාර මහතා සඳහන් කළා.

කෙසේවෙතත් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් කිරිපිටි මිල අඩු කරන බවට ඊයේ (24) ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250ත් 350ත් අතර මිලකින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100ත් 140ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වුණා.

අදාළ ප්‍රකාශයට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button