බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,
“මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා ගාස්තු මීටරයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි කියන මතයේ තමා අපි ඉන්නේ. ගාස්තු මීටරය කියන එක මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රීරෝද සඳහා අත්‍යාවශ්‍ය වූ අංගයක්. ෆෝන් මීටරේ නෙමෙයි මේ කියන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කොට හෝ ලබාදීමට කටයුතු කරන්න කියලා.
බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ලියාපදිංචි වීමට ජූනි මස 30 වනදා දක්වා කල් ලබාදීමක් සිදුකර තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජූනි 30ට පෙර ඒ ලියාපදිංචිය සිදුකර ගන්න. ඊට පස්සේ මගී ප්‍රවාහන අධිකාරිය පොලීසිය සමග එකතු වී ලියාපදිංචි නොවූ ත්‍රීරෝද රථ සඳහා නීතිමය පියවර ගන්නවා. ඒ සඳහා ප්‍රඥප්තිය තුළින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නීතිමය බලතල ලැබිලා තියෙනවා.”