විදෙස්

ඇමෙරිකාවේ මුව ආවරණ පැළඳීම නැවතත්

ඇමෙරිකාවේ ඇතැම් රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල්වලින් බව එම වාර්තාවන්හි සඳහන්. 

ඒ අනුව කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවට වැඩිදුරටත් සඳහන්වනවා.

එමෙන්ම දෙසැම්බර් 17-23 සතිය තුළදී ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 29,000ක් වාර්තාවී ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 16%ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button