ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ පලදින්න.

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට සේන්දු වීමට නියමිතව ඇත.
වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ, නෞකාවේ බිත්තර ලක්ෂ 20 ක් අඩංගු බවය.
මෙලෙස ආනයනය කරන බිත්තර බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි , අමාත්‍ය මහින්ද අමරවීර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබාදුන්නා.
ඒ අනුව , බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු අතර කිසිසේත්ම ඉතිරි බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකල යුතු ය.
රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.
මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනදා සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.
අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.