දේශීය
රනිල්ගේ හවුල් ආණ්ඩුවේ අපි නෑ..! – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකතු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා,
“නිවැරදි, සෑම පක්ෂයකම සම අයිතිය නියෝජනය වන, සෑම තීන්දුවකදීම සෑම පක්ෂකයටම තම දායකත්වය ප්‍රකාශ කරන්න හැකි වන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අසාර්ථක වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ඔහු සහ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොටස්කරුවන් පත්වෙන්න නම් එවැනි ආණ්ඩුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වෙන්නෙත් නෑ, එවැනි ආණ්ඩුවකට අපේ දායකත්වය සපයන්නෙත් නෑ”