දේශීය
කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණා.
මේ අතර ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වු සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ සෞඛ්‍ය අර්බුදය වසන් කිරීමට කටයුතු කරන සෑම රාජ්‍ය නිලධාරියෙකුට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.