විදෙස්

කැනඩාවේ​දී ලාංකික පවුල​ක 6දෙනෙ​කු ඝාතනය කෙරේ

කැනඩාවේ ඔටාවා අගනුවරදී කුඩා දරුවන් 04දෙනෙකු ඇතුලුව ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔටාවා නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත්වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බවත් දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහලේගත කර තිබෙන බව​ත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ සහ හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ යන දැරියන් එලෙස ඝාතනයට ලක්ව තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔවුන්ගේ මව වන 35 හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක සහ පවුලේ හිතවතෙකු වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන් යන පුද්ගලයා​ද, ඝාතනයට ලක්වූ පිරිස අතරට ඇතුළත්වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඝාතනය සිදුකර ඇත්තේ ඔවුන්ගේ නිවසේ කලක් ජීවත් වූ 19 හැවිරිදි සිසුවෙක් බවයි.

කෙසේවෙත​ත් ඝාතන​ය සිදු කිරීමට හේතුව, මෙතෙක් අනාවරණයවී නොමැති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා කම්පනයට පත්වන බවයි.

එම සිදුවීම සිය නගර ඉතිහාසයේ වඩාත්ම කම්පනයක් ඇති කළ ප්‍රචණ්ඩ සිදුවීමක් බව ඔටාවා නගරාධිපතිවරයාද ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button