දේශීය

සරසවි විධායක නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති W.M.W වන්නිනායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය කොළඹදී අද (06) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීයි.

විශ්වවිද්‍යාලය අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවට විසඳුම් නොලැබීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම මස 2 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බවත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම මස 3 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවත් ඔහු සඳහන් කළා.

මෙම අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට හෙට (07) පෙරවරු 10.00 සිට විරෝධතාවක් පවත්වන බවත් වැටුප් විෂමතා නිවැරදි නොකිරීම සහ ආණ්ඩුව පොරොන්දු වූ දීමනා සහ සෙසු පහසුකම් නොලැබීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 11 ක් මෙම වර්ජනයට හේතු වන බවත් ඒ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මෙම වසරේ ජනවාරි මස සිට ඉල්ලීම් ලබාගැනීම සඳහා සංකේත වැඩවර්ජන ඇතුළු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කළද බලධාරීන් පොරොන්දු ඉටුනොකිරීම නිසා මෙවැනි අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවූ බවයි.

එමෙන්ම මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතුවලට වන අපහසුතාව පිළිබඳව කණගාටු වන බවත් වන්නිනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button