විදෙස්
යුක්‍රේනයේ ඓතිහාසික ස්ථාන ගැන යුනෙස්කෝවේ අවධානය

රුසියාව සමග පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් යුක්‍රේනයේ ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශවීමේ අවදානමකට ලක්ව ඇතිබව යුනෙස්කෝ සංවිධානය පවසනවා.
කිවී නගරයේ පිහිටි මධ්‍යතන යුගයට අයත් ශාන්ත සොෆියා දෙව්මැදුර සහ විශේෂිත ආරාම භූමියක් මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බටහිර ලිවිව් නගරයේ ඓතිහාසික මධ්‍යස්ථානයක්ද මේ අතර ඇතිබව සදහන් වනවා.
යුනෙස්කෝ ලෝක උරුම කමිටුව මෙම අනතුරුදායක ලැයිස්තුවට ඔඩේසා වරාය නගරයද එක්කර තිබෙනවා.
යුක්‍රේනයට කළු මුහුද හරහා ලොව පුරා රටවලට ධාන්‍ය අපනයනය කිරීමට ඉඩ ලබාදුන් ගිවිසුම බිද වැටීමෙන් පසු මෑත කාලයේදී ඔඩේසා නගරය රුසියාවේ දැඩි බෝම්බ ප්‍රහාරවලට ලක්ව තිබුණා