දේශීය
‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග්‍රන්ථය ජනපතිට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ ‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග්‍රන්ථය ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා අතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (20) ප්‍රදානය කළා.
ඒ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදීයි.
එමෙන්ම එම ග්‍රන්ථයේ දෙමළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ, විශේෂ රූපවාහිනී වැඩසටහනේ DVD පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදුවුණා.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන් ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

