දේශීය

පාසල් සිසුන් දෙදෙනෙක් ගොඩනැගිල්ලක 67 වන මහලින් වැටී මරු​ට

කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක බවයි.

මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව තීරෝද රථයක නැග පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button