දේශීය

ඔඩ්ඩුසුඩාන්හි රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාන්කුලම්, මුලතිව් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ  මුලතිව් දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නතර කර තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසුපැදිකරු, ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි සහ 24 හැවිරිදි මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මේ අතර, ඊයේ(05) කහවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් එහි ගමන් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයකට යටවීමෙන් මියගොස් තිබෙනවා.

එසේම, පොලීසිය සඳහන් කළේ කඩවත ප්‍රදේශයේදීද ත්‍රී රෝද රථයක ගැටීමෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු මියගොස් ඇති  බවයි.

මේ අතර ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 21 හැවිරිදි පැදිකරු මියගොස් ඇති බව ද පොලිසිය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button