විදෙස්
චීනයේ රෝහලක පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට

නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුන්නන් පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
එරට මාධ්‍ය වාර්තා කළේ, කළු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර තිබෙන බවයි.
එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්ද නැත්ද සම්බන්ධයෙන් වාර්තා නොවෙන බවද සඳහන්.