විදෙස්
නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65ක් අතුරුදන්

මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නායයෑමෙන් පාරක් ගීලා බැස එහි ගමන් කරමින් තිබු බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු අතුරුදන් වී තිබෙන බවයි.
ඒ අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,
එමෙන්ම, එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.
අධිවේගී මාර්ගයේ ගමන් ගත් මගී බස් රථ දෙකක් නායයාමට හසුවී තිබෙනවා.
කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.
නායයෑමට හසු වූ බස් රථ සහ එහි සිටි මගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.