දේශීය

සෑම පුරවැසියෙකුටම මම ඉඩමක නිවසක් ලබා දෙනවා – සනත් නිශාන්ත

තමාටම කියා ඉඩමක් සහ නිවසක් හිමිකර ගැනීමේ අයිතිය රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

පසුගියදා පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

සනත් නිශාන්ත මහතා  සඳහන් කළේ මෙවැනි දුෂ්කර කාල සීමාවක් තුළ රටේ ජීවත්වන ජනතාවගේ ගැටලුවලට යම් ප්‍රමාණයකට හෝ විසඳුම් ලබා දීමට ආණ්ඩුව බැඳී සිටින බවයි.   

රටක ජනතාව තෘප්තිමත් වන්නේ නම් ආණ්ඩුවද ශක්තිමත් වන බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“අපි ඉදිරියේදී අඩු ආදායම්ලාභී පවුල්වලට ඉඩමක්, නිවෙසක් ලබාදීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරනවා. නිවසක් කියන්නේ පවුලකට ලෝකයක්. නිවසක් ලැබීම කියන්නේ ඒ පවුලේ විශාල ප්‍රශ්න තොගයක් ඉවර වන සිද්ධියක්. පවුලක ඉදිරි පරම්පරා ගණනාවකට අවශ්‍ය වන සමඟිය බැඳීම ඉඩමක්, නිවෙසක් ලැබීමෙන් ඇති වනවා. අපි ආණ්ඩුවක් ලෙස මේ තත්ත්වය තේරුම් ගනිමින් ඉන්නේ. දැනටත් ආණ්ඩුව අඩු ආදායම් ලාභීන්ට ඉඩම්, නිවෙස් ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. එය තවදුරටත් පුළුල් කිරීම ආණ්ඩුවේ අරමුණයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button