ක්‍රීඩා

ක්‍රිකට් දූෂ​ණ චෝදනාවක​ට තිදෙනෙක්​ට දඬුවම් 

අබුඩාබි T10 ලීග් තරඟාවලියේ​දී දූෂ​ණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක්​ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ 2021 තරඟාවලියේ​දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙන්.

එහිදී වැරදිකරුවන් වී ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වූ පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනායි.  
 
ඔවුන් සිය වැරදි පිළිගත් බව ICC නිවේදනයෙහි දැක්වෙනවා.

ඒ අනුව සයිඩිට වසර 5ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර අනෙක් දෙදෙනාට වසර දෙක බැගින් ක්‍රිකට් තහනම් කර තිබුණා.

නමු​ත් එම දඬුවම් වලට අදාළ අවසන් වසරේ දඬුවම අත්හිටුවා තිබෙනවා.

ICCය නිවේදනය කළේ, දඬුවම 2023 සැප්තැම්බර් 19 වනදා සිට ක්‍රියාත්මක බව​යි.

ඒ අනුව පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි ට 2024 සැප්තැම්බර් 19 වනදා සිටද සයිඩි ට 2027 සැප්තැම්බර් 19 වනදා සිටද ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ විය හැකි බවට දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button