ක්‍රිකට් කණ්ඩායම් තුනක් දිවයිනට. තරඟාවලිය ගැනත් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉතිරි තරඟ සදහා සහභාගීවීමට ශ්‍රී ලංකාව, පකිස්තානය, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සිට ඊයේ (07) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය හෙට (09) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟ නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව, එම ආයතනය පවසන්නේ ඉදිරියේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟ නැරඹීමේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට ලබාගත හැකි බවයි.
සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන තරඟ සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000කට මිලදීගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.