දේශීය

තොන්ඩමන් ඇතුළු තිදෙනෙක් අධිකරණයට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.

එහි​දී අධිකරණයට ඉදිරිපත් වූ අමාත්‍ය ජීවන් තොන්ඩමන් සැකකරුවෙකු හැටියට භාර නොගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකර අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

පීඩෘ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධව මෝසමක් මගින් අධිකරණය වෙත ඉදිරිපත් වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහේස්ත්‍රාත්තුමිය විසින් අමාත්‍යවරයා සැකකරුවෙකු ලෙස භාර නොගෙන නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි වෙත මේ සම්බන්ධව විමර්ශන සිදුකර 2024.08.26 දිනට කරුණු වාර්තාව කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ, පොලීසිය මඟින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස 26 දින කැඳවන බවයි.

ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button