දේශීය

හිටපු ජනාධිපති දියණියගේ නිවසට හොරු ප​නී

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල ,වික්‍රමසිංහ පුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න  දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇති බ​ව තලංගම පොලිසිය පවසනවා.

සොරාගෙන තිබූ දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000/= ක මුදලක් , රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්  ,ස්මාර්ට් අත් ඔරලෝසුවක් , රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක් ,  වීයලි ආහාර ද්‍රව්‍ය හා  පාසල් පොත් බෑගයක්  ඒ අතර වන බව පොලිසිය සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී  නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

නිවසට ඇතුළු යම් පුද්ගලයකු හෝ කිහි​ප දෙනෙකු මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළුවී  නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ ව්‍යාපාරික සැමියා පොලිසියට  පැමිණිලි කර ඇති බ​ව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button