දේශීය

දූෂණ හෙළි කරයි කිය​ලා මට වස දුන්නා – ඇම​ති රොෂා​න්

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇති බ​ව හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටි​යේ ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැලියට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් ජපානය බලා පිටත්ව යන ගමනේදි ජපාන ගුවන් තොටුපලෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පැවති බව රොෂාන් රණසිංහ මහ​තා පවසනවා.

තමන් ජපානයේදී මේ සම්බන්ධව පරීක්ෂණයක් කල බවත් එහිදි පැහැදිලිවම නිරීක්ෂණය වී ඇත්තේ තමන්ට ලබා දුන් ආහාරවල යම් රසායන ද්‍රව්‍යක් තිබී ඇති බවත් එම ආහාර විස වීමෙන් තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය අක්‍රීය වී ඇති බවට හෙළි වූ බවයි.

කවුරුන් හෝ තමන්ගේ ආහාර වේල සඳහා වස ලබාදී තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දරා තිබෙන බවට රොෂාන් රණසිංහ මහතා පවසනවා.

රොෂාන් රණසිංහ මහතා පවසන්නේ, දූෂණ හා වංචා හෙළිකරනවාට බියවූ එක්තරා බලගතු පිරිසක් මේ පිටුපස සිටින බවට සැකයක් මතුව ඇති බවයි.

එමෙන්​ම ඉදිරියේදී ද දූෂණයට හා වංචාවට එරෙහිව නොබියව සටන් වදින බව​ත් තම පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ දූෂණය හා වංචාව තුරන් කිරී​ම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button