දේශීය

නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිම හානියක් කරන්නේ නෑ – ශාන්ත බණ්ඩාර

නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිදු හානියක් නොවන පරිදි ආයෝජන කටයුතු සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බැවින් අද (10) සිට සේවයට වාර්තා කරන්නැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ තැපැල් මූලස්ථානයේදී ඊයේ (9) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ දිනවල තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අතර සහ වෘත්තීය සමිති ගැටලුවක් මතු වෙලා තිබෙනවා.

මේ ගොඩනැඟිල්ල 1894 දී හදපු ගොඩනැඟිල්ලක්. ඒ වගේම 2007 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැඟිලක් හැටියට නම් කරලා තියනවා. ඒ නිසා මෙහිදී විශේෂයෙන්ම අපේ තැපැල් සේවකයන් සහ වෘත්තීය සමිති මේ වෙලාවෙදිත් ඔවුන් කියන්නෙ මේ ගොඩනැඟිල්ල තබා ගනිමින් ඒ ආයෝජනයත් කරන්න කියලා. තැපැල් ගොඩනැඟිල්ලත් එතන තබා ගනිමින්, තැපැල් සේවයත් එතන සිදු කරන ගමන් ආයෝජනයටත් ඉඩකඩ ලබා දෙන්න. මොකද ආයෝජනයන් මේ වෙලාවෙ කරන්න ඕනෙ වෙලාවක්. අපි ඒ සඳහා එකඟතාව පළ කරලා තියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button