දේශීය
ගුරු හිඟයක් ඇති වුනේ උසාවි ගිය අය නිසා – ප්‍රසන්න

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල් වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, බස්නාහිර පළාතේ පාසල් වල විශාල වශයෙන් ගුරු හිඟයක් පවතින බවයි.
ඔහු මේ බව කියා සිටියේ, රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, ගුරු විභාගයක් පවත්වා බස්නාහිර පළාතට ගුරුවරුන් බඳවා ගත්තද විෂයානුබද්ධව බඳවා ගැනීම් සිදුකෙරෙන විට සමහරුන් අත්හැරී තිබෙන බවයි.