දේශීය

කොළඹට යළි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් නෑ – දේශබන්දු

ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඊයේ (29) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ, බන්ධනාගාරගත රැඳවියෙක් දැනුම්දී ඇති පරිදි යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ලකිරීමේ කිසිදු සැලසුමක් නැතැයි විමර්ශන මඟින් මේ වනවිටත් අනාවරණ වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා,

“පසුගිය දවසක අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා. 

ලොකු ප්‍රචාරයක් යනවා මේ පාතාල අපරාධ සම්බන්ධයෙන්. විශේෂයෙන් දකුණු පළාත ඒ වගේම බස්නාහිර පළාතෙත් සමහර තැන්වල. සන්නද්ධ අපරාධකරුවෝ. එහෙම නැති නම් තුවක්කුකරුවෝ වෙඩි තියලා පුද්ගලයෝ ඝාතනය කරනවා. මේවා ඔක්කෝම මෙහෙයවන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවෝ. 

ඉතාම ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ සම්පූර්ණයෙන්ම මේ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන යනවා. 

ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා කප්පම් ගන්න කට්ටිය ඉන්නවා. ඒ අය ගැන තොරතුරු දන්නවා නම් සම්පත් දායකයෙකු ලෙස පොලීසියට සහයෝගය ලබාදෙන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button