දේශීය
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නැහැ – මැතිවරණ කොමිසම

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
අද බදුල්ලේ පැවති වැඩසටහනකින් පසුව ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණයට අදාළ නීතිවලට අනුව කොමිසම ක්‍රියාකරන අතර, යෝජනා වී ඇති සශෝධන වලින් ඊට බලපෑමක් ඇති නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා,
“ව්‍යවසථා සංශෝධනයට බලපෑමක් නෑ. ඔබ දන්නවා ඕනම රටක අපිට බලපාන නීතිය තමයි ක්‍රියාත්මක කරන තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න තමයි කොමිසන් සභාව බැඳී සිටින්නේ.මේ වෙන තෙක් කිසිදු බලපෑමක් නෑ. හැබැයි යම් යම් මාධ්‍යන් තුළින් යම් යම් පුද්ගලයින් කරන ප්‍රකාශ තුළින් එවැනි තත්ත්වයක් තියෙනවා කියලා පෙන්වීම දරණ උත්සහයක් නම් දකින්නට තියෙනවා.”