දේශීය

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන අවසන් තීන්දුවක් නැහැ

දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බවත්, විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසයි.

එමෙන්​ම කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාදවී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දකුණු කොරියාවේ රැකියා අවස්ථා කඩිනමින් උදා කිරීම සඳහා හැකි සෑම උත්සහයක්ම දරණ බවද එ​ම නිවේදනයේ සඳහන්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙසද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button