දේශීය

බිත්තරවල සිල්ලර මිලහි වෙනසක් නැහැ. -අමාත්‍ය නලින් ප්‍රනාන්දු

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් පනහකට අලෙවි කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (24) සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් සහ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සමලේකම් දුමිෂ්ක සුබසිංහ කියා සිටියේ, රුපියල් 50කට බිත්තරයක් අලෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා අවසර ලබාදුන් බවය.

මේ අතර, තවමත් බිත්තර මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button