දේශීය
බිල නොගෙවූ මැති ඇමැතීන්ගේ ජලය කැපෙයි?

මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් තිස් දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජල පවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලය පවසනවා.
මැති ඇමැතිවරුන්ගේ මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජල සම්පත් හා ජලපවහන මණ්ඩලය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට නිල වශයෙන් දැනුම් දුන්නා.
ලබාගත් ජලය වෙනුවෙන් බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මෙම කණ්ඩායමට විශ්‍රාමික සහ මියගිය දේශපාලඥයෝ පිරිසක්ද ඇතුළත් බවයි සඳහන් වන්නේ .
හිඟ බිල්පත් නොගෙවූ සියලුම දේශපාලනඥයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මණ්ඩලයේ ප්‍රධානීන් පවසනවා.
මේ අතර ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණක් සිය හිඟ ජල බිල්පත් පසුගිය දිනවල ගෙවා දැමූ බව ජල සම්පත් හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරනවා.