දේශීය

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය කල්යයි

අද (03) මෙරටට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ (02) නිවේදනය කළා.

ඔහු පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසනවා.

කෙසේවෙතත් හින්දු පුවත්පත මීට පෙර වාර්තා කළේ, ඉන්දීය මධ්‍යම ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද  ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බවයි.

2022 ජනවාරි මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමක් අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධව ආයෝජනය කර ඇති ශ්‍රී ලංකාවේ තෙල් ටැංකි සංකීර්ණ සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා රාජ්නාත් සිං මහතා ත්‍රිකුණාමලයට පැමිණීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා ඔස්ට්‍රේලියාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස යැවීමට නියමිත බව හින්දුස්ථාන් පුවත්පත මීට පෙර වාර්තා කර තිබුණා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button