අරගලයට සහය දුන් විදේශීය තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි

ගෝල්ෆේස් අරගල පිළිබදව සිය Instagram ගිණුම ඔස්සේ වාර්ථාකරණය කල ස්කොට්ලන්ත ජාතික Kayleigh Fraser ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ.
ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක් යටතෙයි.
ඒ අනුව MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කරන බව දැක්වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම් දීම ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.
ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන සහ විගමන නිලධාරින් විසින් මීට පෙර හේතුවක් නොදන්වා සිය භාරයට ගත් බව ඇය වාර්තා කර තිබූ අතර විදෙස් මාධ්‍යය ද ඒ පිළිබඳව වාර්තා කර තිබුණා.
“ මම විදේශිකයන්ට එන්න කියනවා ඇවිත් අරගලයට සහභාගිවෙලා ජනාධිපතිට, අගමැතිට ගෙදර යන්න කියලා බෝඩ් අල්ලන් ඉන්න කියලා , ඔවුන්ට ඇවිත් කැමති දෙයක් කරන්න පුළුවන් “ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සිටියදී ජාත්‍යන්තර මාධ්‍ය අමතා පැවසූ පරිසරයක මෙය සිදුවීම විශේෂත්වයක්.