දේශීය
දියණියට පහරදෙන වීඩියෝව සමාජ මාධ්‍යට මුදාහල පියාට වැඩ වරදී

තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි පියෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, ඔහු බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
සිය දියණියගේ මව මිට මාස නවයකට පෙර විදේශ ගත වී ඇති අතර එම දැරිය රැක බලා ගැනිම සදහා මොහුට සහ මොහුගේ මවිපියන් වෙත භාරදී තිබෙනවා.
දැරිය මේ වන විට බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.
දරුවෙකුට පහර දී කෘරත්වයට පත් කිරීමේ චෝදනාව මත මොහු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (03) දා නියෝග කරනු ලැබුවා.