දේශීය

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (18) සිඩ්නිහි අධිකරණයේදී කැඳවා තිබුණා.

2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කව සිඩ්නිහි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ එරට කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

එහිදී ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා 4ක් එල්ලකළ අතර, පසුව ඉන් චෝදනා තුනක් ඉවත්කර ගත්තා.

ඔහුට එල්ලකර ඇති චෝදනාව වන්නේ අදාළ තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීමයි.

අද අධිකරණයේදී එම තරුණියගේ පාර්ශ්වය කරුණු දක්වා තිබූ අතර, එහිදී ඇය සඳහන් කර තිබුණේ තමාට ජිවීතය සම්බන්ධව බියක් දැනුනු බවයි. නමුත් ධනුෂ්කගේ නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button