දේශීය

උ.පෙ​ළ විභාගයට අයදු​ම් කිරීමට තිබූ කාලය දීර්ඝ කරයි

උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට තිබූ කාලය ලබන 12 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කිසිදු හේතුවක් මත එම දිනය යළි දීර්ඝ නොකරන බවයි.

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම හෙට (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

නමු​ත් නොවැළැක්විය හේතූන් මත එම දිනය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් ක​ළා.

ඒ අනුව එදිනෙන් පසු යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් යොමුකිරීම කල් නොදමන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button