දේශීය

ත්‍රීවීල් උස්සා අංක වෙනස් කර විකුණලා

කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද වාහන සහ ලීසිං පහසුකම මත ලබා ගෙන ඇති වාහන සොරකම් කරමින් එහි චැසි අංක සහ හැඩය වෙනස් කර යළි අලෙවි කළ තිදෙනෙකු මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රී රෝද රථ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමින් සිටි කැස්බෑව පොලීසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරුවන් සමඟ චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කොට සාදන ලද ත්‍රීරෝද රථ 08ක් සහ ඒ සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් ද තවත් ලියාපදිංචි අංක තහඩු කිහිපයක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19, 31 සහ 39 යන වයස්වල පසුවන හෝමාගම, මොරගහහේන සහ කැස්බෑව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි

පොලීසිය සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අණාවරණය වී ඇත්තේ, මෙම පිරිස විසින් මේ ආකාරයෙන් සකස් කරන ලද ත්‍රී රෝද රථ 09 ක් මින් පෙර අලෙවි කළ ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button