දේශීය

පියාගේ වේවැල් පහරින් පුතා රෝහල් ගත කෙරේ

පියෙ​කු විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ දරුවෙකු මීගහකිවුල දිසාරෝහලට අද (04) උදෑසන ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අරාව දික්යාය ගුරුපංවල පදිංචි වයස අවුරුදු 13ක පාසල් සිසුවෙක්.

පාසල් නිමවා පැමිණි වහාම සිය ගෙවත්ත ආසන්නයේ පිහිටි කැලෑවක් හෙළි පෙහෙළි කරන ලෙස පියා විසින් අණකර ඇති අතර එය සිදු නොකිරීමෙන් කෝපයට පත් පියා විසින් මෙලෙස දරුවාට පහරදී ඇති බවයි වාර්තාවන්නේ.

නිවසේ තිබූ වේවැලක් ගෙන හිසට සහ දෙපාවලට වරින් වර පහර දුන් බවත් එය වැළැක්වීමට යද්දී ඔහු තමාටද පහරදුන් බවත් දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මීට පෙර අවස්ථා ගණනාවකදීද මෙම පියා විසින් පාසල් නිමාව පැමිණි වහාම කැලෑව කපන ලෙස දරුවාට අණකර එය සිදු නොකරන අවස්ථාවන්හිදී පහරදී ඇති බව​ට මව විසින් පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අරාව පොලිස් ස්ථානයේ පරීක්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button