දේශීය
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු විසඳන යෝජනාව කැබිනට්ටුවට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
කෙසේවෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 08 වන දිනටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
සිය ගැටලු සඳහා එළඹෙන සඳුදා දිනය වනවිට නිශ්චිත විසඳුමක් ලබානොදුන හොත් වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කරමින් අත්‍යවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සමලේකම් K.L.D රිච්මන්ඩ් මහතා පවසනවා.