දේශීය

පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩල රැස්වීම අද 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, කොළඹ , විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී දේශපාලන මණ්ඩලය රැස්වන බවයි.

ඒ අනු​ව රැස්වීම පස්වරු 03.00 ට ආරම්භවීමට නියමිතයි.

වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු කාරණා කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිත බව නීතීඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරට​ත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button