දේශීය
ඝාතනය කළ මන්ත්‍රී අමරකීර්තිගේ රන් මුදු කොල්ල කෑ පුද්ගලයන් අත්අඩංගුවට

නිට්ටඹුව ප්‍රදේශයේදී මැයි 09 වනදා ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා පැළඳ සිටි රන් මුදු තුනක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙක් ඊයේ (09) අලූයම නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්පොකුණගම ප්‍රදේශයේදීයි.
සැකකරුවන් 38 සහ 30 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් පොලීසිය සඳහන් කරනවා.