දේශීය

HIV ආසාදිතයින් ගණන ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහ​න් කළා.

විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ බව කියා සිටි​යේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button