දේශීය

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අ​ද විවාදය​ට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනු​ව විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිතයි.

මේ අතර විශ්වාසභංග යෝජනාව දේශපාලනික අරමුණකින් ඉදිරිපත් නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button