දේශීය

අලුත් ධීවර පනතෙ​න් ධීවර ප්‍රජාව​ගේ අයිතිවාසිකම් රකිනවා- ධීවර ඇම​ති

යෝජිත ධීවර පනතින්  ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

ධීවර අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පැවසුවේ, “ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.    

සංශෝධිත නව ධීවර පනත් කෙටුම්පත නුදුරේදී සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම්ව පවතින බවත්  ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

යෝජිත ධීවර පනත් කෙටුම්පත පිළිබඳ ධීවර වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරමින් ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button