දේශීය

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබෙනවා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බවයි වාර්තාවන්නේ.

මාර්ග සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවලට පටහැනිව එය සම්මත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහ​තා විසින් ඉඩ ලබා දුන් බව පවසමි​න් සමගි ජන බලවේගය මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම ආරම්භ කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button